ක්‍රීඩා
ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක්

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර අවසන් මහා තරඟය මේ වනවිට පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 116 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් ස්ම්‍රිතී මන්දානා ලකුණු 46 ක් හා ජෙමිමා රොඩ්‍රිගස් ලකුණු 42 ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී, උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි කඩුලු 2 ක් බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 117 ක්.