දේශීය
ගාල්ලේ සැකකටයුතු මළසිරුරක්

ගාල්ල, දඩල්ල උඩුවත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙක්ගේ මළසිරුරක් ඊයේ (26) පෙරවරුවේ ගාල්ල පොලිසිය සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ මහදුරගෙවත්ත, දඩල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම මරණය සිදු වූ ආකාරය සම්බන්ධ නිසි තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී සිදුකර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ පපුව සහ උදර ප්‍රදේශයට ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදු වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.