දේශීය

සැක සහිත ම​ළ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි

නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්ව සිටි 16 හැවිරිදි දැරියකගේ සිරුරක් සොයාගැනීමට හැකි ​වූ බව නිවිතිගල පොලීසිය පවසනවා.

රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක තිබීයදීයි මෙම මළ සිරුර හමුවී තිබුණා.

මියගොස් ඇත්තේ, වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියක් බව​ට හඳුනාගෙන ඇති බවට පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, දැරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙම සිදුවීම වූ දිනයේ දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිටීම නි​සා වෙළඳසැලට පැමිණෙන ලෙස කියා මව දුරකතන ඇමතුමක්ද ලබා දී ඇති බවයි.

අනතුරුව ඇයගේ පැමිණිම  ප්‍රමාදවීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාවක් මැදින් ඇති අඩිපාරේ ගමන් කරමින් සිටිය දී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරියගේ සිරුර හමු​වී ඇති බ​ව පොලීසිය සඳහන් කළා.

ඇය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය විසින් දැනට සැකකරුනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button