දේශීය

අම්පාර උසාවියේ නඩු භාණ්ඩ තොගයක් අතුරුදන්?

අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රණ්භාණ්ඩ තොගයක් නැතිවීම පිළිබඳ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණය මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

එලෙස අස්ථානගත වී ඇත්තේ, 1998 වර්ෂයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රණ්භාන්ඩ තොගයක් බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button