දේශීය

ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය ලබන වසරේදී සියයට 1.3% ක අගයක් ගනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව මේ වසරේ ආසියානු කලාපයේ වර්ධනය සියයට 4.7% දක්වා අඩුවනු ඇති බවටයි පුරෝකතනය කර ඇත්තේ.

ලබන වසරේ මෙරට ආර්ථික වර්ධනය 1.5% අගයක් ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඔවුන් හදුන්වාදී තිබුණේ, ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය සමස්ත දකුණු ආසියානු කලාපයේ අඩුම වර්ධනය ලෙසයි.

එම වාර්තාවට අනුව 2024 වසරේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය 6.7% ක් ලෙසත්, බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය 6.5% ක් ලෙසත්, පුරෝකතනය කර තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර තත්වයකට පත්ව ඇති බවත් ආහාර හා ඉන්ධන ආදි සැපයුම් සම්බන්ධයෙන් ධනාත්මක තත්වයක් පෙන්නුම් කරන බවත් සදහන්.

කෙසේ වෙතත්, ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ, මෙරට නිල සංචිත වල යම් වර්ධනයක් පෙන්නුම් කළද එය මාස 3ක අපනයන වියදම් පිරිමැසීමට හෝ ප්‍රමාණවත් නොවන බවත්, ශ්‍රි ලංකාවේ ආර්ථික තත්වය වර්ධනයක් පෙන්නුම් කළද එය අවදානම් සහගත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button