දේශීය

විදෙස්ගත ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව මැකෝගෙන් ප්‍රකාශයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් තවමත් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

සභාපතිවරයා මෙම අදහස් පල කළේ අද (24) පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා,

“විදේශගත ඡන්දදායකයින්ගේ ඡන්දය ලබාගන්න තේරීම් කාරක සභාවට සහ අපි හැමෝටම කිසියම් සංශෝධන සඳහා අපි ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඒවට තවමත් නිසි වැඩපිළිවෙලක් නෑ. ඒ නිසා පිටරටියන්ට ඡන්ද ලබාදීමේ හැකියාව තවම නෑ.

ආබාධිත අයට සහ දෘෂ්‍ය අබාධිත අයට චන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සුදුසු ආකාරයෙන් සකස් කරලා තිබෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button