Uncategorized

වෛද්‍යවරුන්ගෙන් තරුණයින්ට විශේෂ දැනුම්දීමක්

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවද පසුගිය වසරේ දී ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය හසිත තිසේරා මහතා :

“මෙහිදී අරමුණ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තරුණ පරපුර විශේෂයෙන්ම කලින් සරම්ප එන්නත ලබානොගත් හෝ අතපසුවීමකින් බොහෝ වෙලාවට එසේත් නොමැති නම්, සරම්ප එන්නතින් සම්පූර්ණ ආරක්ෂාව ලබානොගත් හෝ එසේත් නොමැති නම්, සරම්ප එන්නත් මාත්‍රා එකක් පමණක් ලබාගත් අය සිටිනවා නම්, ඒ අය තෝරා බේරාගෙන ඒ අයට නැවත වරක් සරම්ප මාත්‍රාවක් ලබාදීම තමා ප්‍රධාන අරමුණ. වාසනාවකට වගේ අපේ රට තුළ සරම්ප එන්නත්කරණය හරහා පසුගිය අවුරුදු 10  – 20 ඇතුළත ඉතා විශාල ප්‍රගමනයක් ඇති කරගෙන තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් වුණා සරම්ප සම්පූර්ණයෙන්ම තුරන් කරන්න. නමුත් වෙනත් රටවලින් සරම්ප රෝගකාරක වෛරසය අපේ පරිසරයට ඇතුළු වුණොත්, ඒ සරම්ප රෝගයට නතු විය හැකි අයට ඒක අවදානමක් තියෙනවා. ඒ අවදානම අවම කිරීමේ අරමුණින් තමා මේ වැඩසටහන කරන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button