දේශීය

ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක්

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නොවැම්බර් 03 වැනි ඉරිදා නම් කර තිබෙනවා.

නොවැම්බර් 03 වැනි දිනය එසේ නම්කර ඇති බවyi මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ.

අද (28) දහවල් පැවති මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද ආරම්භ වුණා.

ඒ, සඳහා 8,000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button