ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගවටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනාගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ගොඩනැගුවා.
අනතුරුව පැතුම් නිස්සංක සමගින් එක් වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 74ක සබඳතා වයක් ගොඩනැගූ අතර පැතුම් නිස්සංක ලකුණු 40ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස්කළා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 93ක්.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණයි.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලබාගත් 13වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.