දේශීය

මුජිබර්ගෙන් හෙලිදරව්වක්

රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය පිළිගත් මැති ඇමතිවරු 80 දෙනෙකු පමණ ලබන 21 වැනිදා රටින් පිටව යෑම සඳහා මේ වනවිටත් වීසා ලබාගෙන ඇති බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, අද (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ බොහෝ දේ විකිණිම හා පෞද්ගලිකරණය ගැන බවයි ඒ මහතා පවසන්නේ.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැකීමේදී ඔවුන් සිහින ලෝකයක සිටින බවට හැඟෙන බව මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඒ අය දකින සිහින ලෝකය ප්‍රයෝගිකව සිදු කරන්නේ කෙසේ දැයි මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මැතිවරණය හුදෙක් සජත් ප්‍රේමදාස පරදවා අනුර කුමාර දිසානායක දිනවීමේ පරමාර්ථය ඇති බව ඔහු පවසනවා.

එමෙන්ම මන්ත්‍රීවරයා පවසන්නේ, සෑම විමට වේදිකාවේ පවා අනුර මගේ මිත්‍රයා යැයි ජනාධිපතිවරයා පැවසීම තුළින් ගම්‍ය වන්නේ ඔහුගේ කට බොරු කිව්වාත් දිව බොරු නොකියන කියමන අනුව බවයි.

මේ වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ රැළි බොහෝමයක් නවතා ඇති බව දැනගන්නට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button