දේශීය

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් වාර්තාවක්

මගී ප්‍රවාහන ත්‍රිරෝද සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

එම වාර්තා ලබාදුන් පසු පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමයි එහි අරමුණ වන්නේ.

මේ අතර සංචාරකයින් රැගෙන යන වාහන සඳහා ඉන්ධන සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කලා.

අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලූ වාහන සඳහා මේ අනුව ඉන්ධන නිකුත් කෙරෙන අතර සංචාරකයින්ට අපහසුතාවයකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button