දේශීය
හරිනිට සහ විජිතට දුන් මුද්දර ගැන තැපැල්පතිගෙන් උත්තරයක්

අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඡායාරුප සහිතව ඊයේ (09) ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළලේ නිකුත් කෙරුණු මුද්දර සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ, උත්සවයේ ආරාධිත දෙපළ වෙත තිලිණ කල මුද්දර පුද්ගල කාරක මුද්දර කාණ්ඩයට අයත් වන බවත් ඕනෑම අයෙකුට එලෙස තමන්ගෙ ඡායාරූපය යොද මුද්දර සකස් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇති බවයි.
ලෝක තැපැල් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍යවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව ඇතුළත් මුද්දර නිකුත් කර නොමැති බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේවෙතත් මේ වන විට මෙම සිදුවීම විකෘති කරමින් සමාජ මාධ්‍යන් තුළ පුවතක් හුවමාරු වෙමින් පවතිනවා.
එම නිවේදනය පහතින්,
