දේශීය

වෙඩි වැදී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර, රුවන්වැලි මහසෑය මුරපලේ රාජකාරි බාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන් වරයෙකු වෙඩි වැදී මියගොස් ඇති බ​ව පොලීසිය පවසනවා.

මියගොස් ඇත්තේ  උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ ජයතිලක 55 හැවිරි​දි සැරයන්වරයෙක්.

මෙම සැරයන්වරයා මෙදින රැවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරි බාරව කටයුතු කරමින් සිටි බව පොලිසිය පවසනවා.

අද (11) අලුයම පහට පමණ මෙම සැරයන්වරයා පොලිස් මුරපලේ ලේ විලක් මැද වැ​ටී සිටි බව පරික්ෂණ පවත්වන උඩමළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වැත්තෑව මහතා පවසනවා.

මෙය දිවි නසා ගැනීමක්ද වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button