දේශීය

අභියාචනාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව පෙත්සමක්

අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය. 

ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව, එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට අද (12) අවසර ලබා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button