දේශීය
බස් රථයක් සොරාගත් අයෙක් අත්අඩංගුවට

නවතා තිබූ බස් රථයක් සොරාගෙන යමින් සිටි පුද්ගලයෙකු මොරටුව, රාවතාවත්ත ප්රදේශයේදී මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පානදුර, මිනුවන්පිටිය පොදු සුසාන භූමිය ආසන්නයේදී අදාළ බස් රථය සොයාගෙන තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි මිනුවන්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.