විදෙස් සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (02) නියෝග කර තිබෙනවා.
තරුණ තරුණියන්ගෙන් වංචා කළ මුදල් යළි ලබාදීමට කටයුතු කරන මෙන් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ ගෙවීමට හැකි බවට යම් සහතිකයක් ලබා දෙන්නේනම් ඇප ඉල්ලීම කෙරෙහි සලකා බැලිය හැකි බවද සඳහන් කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර අධිකාරිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුගේ වංචාවට හසු වූ පුද්ගලයින් රට පුරා සිටින බවත් ඔවුන් තවදුරටත් පැමිණිලි ඉදිරිපත් කරමින් පවතින බවයි.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.