දේශීය
ජනපති රුව යොදා ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැකසූ අයෙක් මාට්ටු

ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38ක් වූ මහදෙණිය, කොරතොට, අතුරුගිරිය ලිපිනයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අලෙවි නිලධාරියෙක් ලෙස රැකියාව කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.