දේශීය
පොලීසියට අල්ලස් දෙන්න ගිය පුද්ගලයෙක්ට අත්හිටවූ සිරදඬුවමක්

පොලිස් නිලධාරියෙකුට අල්ලස්දීමට ගිය පුද්ගලයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කර එය වසර 15කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
පසුගිය 26 වනදා එම නියෝගය ලබාදී තිබුණා.
චූදිතයාට විරුද්ධව චෝදනා ගොනුකර ඇත්තේ, ගංජා කිලෝග්‍රෑම් 6ක් සන්තකයේ තබාගැනීම සහ ගංජා වගාකිරීම යන වැරදි සම්බන්ධයෙන් නීතිය මගින් කටයුතු නොකර සිටීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙකුට අල්ලස් වශයෙන් රුපියල් 5,000ක මුදලක් පිරිනැමීමට සම්බන්ධයෙන්.
එම චූදිතයා සියලුම චෝදනා පිළිගෙන ඇති අතර, මහාධිකරණය තවදුරටත් ඔහුට රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවීමට නියෝග කර ඇති අතර දඩ නොගෙවන්නේනම් අමතර මාස 03ක සිර දඬුවම් ද නියම කර තිබෙනවා.
තවද, අල්ලස් වශයෙන් පිරිනැමූ මුදල රාජසන්තක කිරීමටද අධිකරණය නියෝග කර තිබුණා.