දේශීය

දුම්රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී අද (19) පස්වරුවේ අනතුරක් සිදු වී තිබෙනවා.

කොස්ගොඩ පොලීසිය පවසන්නේ, දර පටවාගෙන  ගිය ලොරි රථයක් දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එහි ගමන්ගත්  දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වී අනෙක් පුද්ගලයා  බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 55ක් පමණ වයසැති අයෙක් බවත් ඔහු සහ  බරපතල තුවාල ලබා ඇති තැනැත්තා ඉදුරුව ප්‍රදේශයේම පදිංචි අයෙක් බවද පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button