දේශීය

සුපිරි වෙළෙඳසැල්වලට පොලීසියෙන් දැනුම්දීමක්

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සිදුවන යම් සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම්දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, භාණ්ඩ සොරකම් කළ වරදට නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“ඔබගේ ආයතනයේ තිබෙන යම් භාණ්ඩයක් සොරකම් කරනවා ඔබ දුටුවොත් ඔබට ආරක්ෂක නිලධාරීන් ඉන්නවා විශේෂයෙන් සුපිරි වෙළෙඳ සැලක නම්, එම තැනැත්තාව පාලනය කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න. නමුත් එයට විකල්පය පහරදීම නෙමෙයි. කිසිසේත්ම එය අනුමත කරන්න බැහැ. පහරදීමක් කරොත් අවසානයේ සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන්න කියලා මෙවැනි ආයතනවල ඉන්න කළමනාකරුවන්ගෙන් සහ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට උපදෙස් දීලා තියෙනවා. ආයතනය තුළ වැරදි කරන අයෙක් සිටියොත් ආරක්ෂක අංශ හරහා යම් පාලනයක් කරලා පොලීසියට දැනුම්දීමක් කරන්න…”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මෙලෙස අදහස් දැක්වූයේ, පසුගියදා බොරැල්ල කොටා පාරේ පිහිටි කාර්ගිල්ස් ෆුඩ්සිටි තුළදී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහරදීමේ සිද්ධිය මුල් කරගෙනයි.

මේ අතර, මෙම තරුණියට අමානුෂික අයුරින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සේවකයන් 7 දෙනා අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ, සේවිකාවෝ සිවුදෙනෙකු හා සේවකයෝ තිදෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button