දේශීය

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

මේ අතර අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ආදිය ළඟ තබාගන්නා ලෙසත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.

මෙවන් පසුබිමක ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින්ට හානියන් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ඉරානය ඊයේ (01) රාත්‍රීයේ ඊශ්‍රායලය වෙත දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ අමෙරිකානු ප්‍රති මිසයිල මෙහෙයුමක් මඟින් එලෙස එල්ල කෙරුණු මිසයිල රැසක් විනාශ කිරීමට ඊශ්‍රායලය සමත්ව තිබුණා.

ගාසා තීරය සහ ලෙබනනය වෙත අඛණ්ඩ ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කරමින් සිටින ඊශ්‍රායලය වෙත දැවැන්ත බැලැස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඉරානය ඊයේ (01) කටයුතු කළා.

එම ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ ජනාකීර්ණ ටෙල් අවීව් අගනුවර, ජෙරුසෙලම සහ හයිෆා යන නගරවල තෝරාගත් හමුදා ඉලක්කයන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button