දේශීය
නව කැබිනට් මණ්ඩලයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
තවද ඊයේ පැවති සාකච්ඡාවේදී එහිදී රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එම අර්බුදවලට විසඳුම් ලබාදීමට ද හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා සඳහන් කර ඇත.