දේශීය

ජනපති – බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයේදී ලබා ගත් ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සිය සුභාශීංසන පිළිගැන්වුවා.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කෙරෙන III වන චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් (Sir Keir Starmer) මහතාගේ පුද්ගලික සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වනු ලැබුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ද බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා එහිදී  ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button