බිත්තරවලට උපරිම සිල්ලර මිලක්

බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 37ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් එකඟතාව පළකර තිබෙනවා.
ඒ, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් M.M නයිමුදීන් මහතා සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.
ඒ අනුව ඉදිරියේදී එම මිල ඉක්මවා බිත්තර අලෙවි නොකිරීමට අදාළ උපදෙස් ලබාදුන් බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.
මේ අතර විශේෂ ආහාර ප්‍රතිපත්ති කමිටුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අහාරවල මිල ගණන්, ප්‍රමිතිය හා සුරක්ෂිතතාව පිළිබඳ ඉදිරි තීරණ එම කමිටුව මගින් ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළා.
එමෙන්ම ආනයනය කරනු ලබන සියලු ආහාර ද්‍රව්‍යවල ඒ ඒ රටවල පවතින වර්තමාන මිල ගණන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමද මේ වන විට අවසන් කර ඇතැයි M.M නයිමුදීන් මහතා පවසනවා.
ඊට අදාළව ආහාර මිල ගණන් පාලනය කර මහජනතාවට සහන සැලසීමට කඩිනමින් ක්‍රියා කරන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා.
මේ අතර වටිනාකම අවප්‍රමාණය වූ මිල ගණන් සඳහන් කරමින් මෙරටට ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා රේගු නිෂ්කාශනය සිදුවන බව අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ ඒ හේතුවෙන් රජයට සැලකිය යුතු ආදායමක් අහිමිවන බවයි.
ඒ අනුව නියමිත වූ මිල ගණන් සඳහන් කරමින් ආනයන කටයුතු සිදු කිරීමට අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හා වෙළඳුන්ගේ සංගමය එම සාකචඡාවේදී එකඟ වූ බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.