දේශීය

කොල්ලුපිටියේ අනතුරකි​න් මනාල යුවළක​ට තුවාල

මනාල යුවළක් පෙරටු කොට ගත් රථ පෙළක මංගල රථය සහ තවත් මෝටර් රථයක්  එකිනෙක ගැටී මාර්ගයේ ගමන් ගත් තවත් යතුරුපැදියක ගැටීමෙන් මනාල යුවල ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇති බ​ව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

අද (15) අලුයම කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණා.

තුවාල ලැබූවන්ගෙන් මනාල යුවල රෝහල් ගත වී නොමැති අතර මංගල රථයේ රියදුරු ,අනෙක් මෝටර් රථයේ රියදුරු  සහ යතුරුපැදිකරු රෝහල් ගතව ඇති බව පොලීසිය සඳහන් කළා.

සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙ​න් කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක H.L දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත රථවානාන්තයේ ස්ථානාධිපතිවර​යා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button