විදෙස්

තෙල් නැවකට හවුති මිසයිල ප්‍රහාරයක්

යේමනයේ වෙරළට ඔබ්බෙන් හවුතිවරුන් සිදුකළ මිසයිල ප්‍රහාරයකින් බොරතෙල් නැවකට හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යේමනයේ මෝචා නගරයේ සිට නිරිත දෙසින් නාවික සැතපුම් 15ක් පමණ දුරින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය සමුද්‍ර ආරක්ෂක ඒජන්සිය UKMTO වාර්තා කළේ පැනමා ධජය සහිත නෞකාවට දෙවරක් මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙතෙක් තුවාල හෝ මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව සඳහන්.

පළමු මිසයිල ප්‍රහාරය නැව ආසන්නයේ පිපිරීමක් ඇති කර තිබෙන අතර මෙ​ම ප්‍රහාරයේ වගකීම හවුති සටන්කාමීන් භාරගෙන ඇති බව සඳහන්.

ප්‍රහාරයට ලක්වූ ඇම්බ්‍රේ නෞකාවේ අදාළ ටැංකිය 2023 නොවැම්බර් දක්වා එක්සත් රාජධානිය සතුවූ බවයි වාර්තා වන්නේ.

එහි වත්මන් හිමිකරු සීෂෙල්ස් හි ලියාපදිංචි වී ඇති අතර රුසියාව ආශ්‍රිතව වෙළඳාමේ නිරතව සිටින බව සඳහන්.

ප්‍රහාරය සිදු වූ විට මෙම නෞකාව රුසියාවේ ප්‍රිමෝර්ස්ක් නගරයේ සිට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩිනාර් දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.

කෙසේ වෙතත් ගමන් ආරම්භ කිරීමට පෙර නැව් හිමිකරුවන්ට සහ ක්‍රියාකරුවන්ට ප්‍රදේශය සංක්‍රමණය කිරීමට පෙර සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස උපදෙස් දී තිබුණු බවද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button