දේශීය

බලංගොඩ පාසලක ළමුන් පිරිසක් රෝහලට

බලංගොඩ නගරයේ පාසලක ගැහුණු ළමුන් පිරිසක් හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ මෙම පාසලේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකු යම් රසායනික ද්‍රාවණයක් යොදා කාන්තා වැසිකිළිය පිරිසිදු කර තිබෙන බවටයි වාර්තා වුණේ.

අනතුරුව එම ළමුන් සහ එම වැසිකිළියට පැමිණි තවත් ළමුන් පිරිසක් යම් රෝගී තත්ත්වයකට පත්වීම හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව තිබෙනවා.

මේ වන  විට  එම  දරුවන්  වෙත  ප්‍රතිකාර ලබා දෙමින් ඇති බව  බලංගොඩ  රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button