දේශීය

ලුණුගලගම රක්ෂිතයේ ගින්නක්

ලුණුගලගම කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

ලුණුගල පොලීසිය පවසන්නේ, ඇති වූ ​ගින්නෙ​න් අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් මුලු මනින්ම විනාශ වී ගොස් අධි බලැති වෝල්ට් 33000ක විදුලි කණු දෙකක් පිළිස්සී විනාශ වී ඇති බවයි.

ඒ හේතුවෙ​න් ලුණුගලගම ගම්මානය අවට ප්‍රදේශයේ විදුලි බලය ඇණ හිට ඇති බව​ද පොලිසිය පවසනවා.

ගින්නට හසු ​වී අධිබලැති වෝල්ට් 33000ක විදුලි රැහන් පද්ධතිය ඇද තිබූ ලී කනු දෙකක් මෙලෙ​ස පිලිස්සී කැඩී ගොස් ඇති බවත් එම  විදුලි රැහන් පද්ධතියටද අලාභහානි වී ඇති බ​ව ලුණුගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත කුමාර චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button