දේශීය

ගාල්ලේ මාරක රි​ය අනතුරක්

ගාල්ල නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැළක් අසළ සිටි කාන්තාවන් හතරදෙනෙකුගේ ඇඟේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදු වී තිබුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් හතරදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙකු මියගොස් ඇති බවයි.

ඊයේ (19) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 53 ක් වයසැති මතුගම – පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ගාල්ල – කොටුව දෙස සිට ගාල්ල නගරය දක්වා මෙම මෝටර් රථය ගමන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button