දේශීය
වැසිකිළියට ගිය රැඳවියෙක් පලා ගිහින්

නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට කලුවංචිකුඩි අධිකරණයට රැගෙන ආ රැඳවියෙකු අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගොස් තිබෙනවා.
එරාවුර් අධිකරණය විසින් නියම කළ සිව් වසරක සිරදඬුවමක් මත මෙම රැඳවියා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර නියමවූ සිරදඬුවමෙන් වසරක් සම්පූර්ණ වූ පසු වෙනත් නඩුවක් සඳහා ඊයේ (27) කලුවංචිකුඩි අධිකරණයට මෙම රැඳවියාව ඉදිරිපත් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.
එම අවස්ථාවේදී ඔහු මෙලෙස පළාගොස් තිබෙනවා.
ඔහු කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි බාලසුන්දරම් ගෝපිනාත් නම් පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.