දේශීය

ලිට්‍රෝ ගෑස් මිල ගැනත් තීරණයක්

මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ, ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බයි.

මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකිවූ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ අනුව 2024 ඔක්තෝබර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වනු ඇති.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහතින්,

12.5 Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,69

5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482

2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල්  694

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button