දේශීය

අල්ලස් ගත් පොලීසියේ දෙදෙනාගේ ඇප ඉල්ලීම ගැ​න තීන්දුවක්

රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි පවස​න කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ  කොස්තාපල්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන්  ලබන 23 දින දක්වා බන්ධනාගාරගත කිරීමට අද (09) නියෝග  කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයකුගෙන් පළමුව රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන ඉතිරී රුපියල් 154200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අල්ලස් කොමිසම මගින්  අත්අඩංගුවට ගෙන පසුගිය හයවෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ අනු​ව අත්අඩංගුවට ගත් අල්ලස් මුදල අල්ලස් කොමිසම  අධිකරණයට ඉදිරිපත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button