දේශීය
මන්ත්‍රී වරප්‍රසාද ගැන නව රජයෙන් තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ, අද (01) පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් තීරණ දැනුම් දෙමින්.
එහිදී ඔහු කියා සිටියේ දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි.
එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා (සභාපති), විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක මහතා සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල මහත්මියයි.
අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, එම කමිටුව සකසන වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවයි.