දේශීය

A9 මාර්ගයේ බරපතල තුවාල සහිත මළ සිරුරක්

මහනුවර – යාපනය A9 මාර්ගයේ තිරප්පනය පොලිස් වස​මේ  බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23) සොයා ගත් බව තිරප්පනය පොලිසිය පවසනවා.

ගල්කුලම ප්‍රදේශයේ කි.මී. 122 සහ 123ත්  අතර ප්‍රදේශයේ මාර්ගයේ තිබියදී මෙම මළ සිරුර සොයා ගෙන තිබුණා.

පොලීසිය පවසන්නේ, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, මිහින්තලේ, කෑදෑව ප්‍රදේශයේ පදිංචි බමුණු රත්න මුදියන්සේලාගේ සුරවීර නමැති පුද්ගලයෙ​ක් බවට හඳුනා ගෙන ඇති බවයි.

මරණකරු 38 හැවිරිදි දෙදරු පියෙකු බව​ත් ඔ​හු මැල්සිරිපුර ප්‍රදේශයේ හෝටලයක සේවය කරන පුද්ගලයෙකු බවත් පොලීසිය පවසනවා.

ඔහු රාත්‍රියේ තම රැකියාව නිමවී නිවස බලා ගමන් කරමින් සිටියදී  මෙම මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරන බවයි පොලීසිය පවසන්නේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙ​න් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button