දේශීය
දියවන්නා ඔයෙන් මළ සිරුරක් සොයා ගැනේ

දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
අද (20) පෙරවරුවේ දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසලදී පුද්ගලයෙකු විසින් මෙම මළසිරුර දැක තිබුණා.
පසුව අදාළ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් තලංගම පොලීසිය දැනුවත් කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, වයස අවුරුදු 60 හෝ 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
තලංගම පොලීසිය හා මිරිහාන සොකෝ ඒකකය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබනවා.