දේශීය
මොරවක ප්රදේශයේ මෝටර් රථ අනතුරක් – කාන්තාවකට තුවාල

මොරවක අලපදෙණිය ප්රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලය මතට වැටී අනතුරක් සිදුවී තිබෙනවා.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය නෙළුව දෙස සිට මොරවක දෙසට ගමන් කරමින් සිට තිබෙනවා.
මොරවක පොලිසියේ රථවාහන අංශය පවසන්නේ, මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
අනතුරින් නිවසේ වහලයේ සෙවිලි තහඩු කිහිපයකට හානි සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළා.