දේශීය

මිනුවන්ගොඩ අලුතෑපොල ප්‍රදේශයේ රිය අනතුරක්

මිනුවන්ගොඩ අලුතෑපොල ප්‍රදේශයේදී කාර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ, එම රිය අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාව බරපතළ ලෙස තුවාල ලබා මීගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ දිවුලපිටිය මරදගහමුල සායක්කාරමුල්ල ප්‍රදේශයේ කාන්තාවක්.

එහිදී කාර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු රිය අනතුරෙන් පසු කාර් රථය දමා පලා ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ කාර් රථයේ රියදුරු මිනුවන්ගොඩ පොලිසිය වෙත භාර වමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දිවුලපිටිය පින්නකැලේ වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 ක තරුණයෙක්.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් සැකකරුට රියැදුරු බලපත්‍රයක් නොමැති බවත් පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button