දේශීය
කුඩා දැරියකගේ සිරුරක් ළිඳකින් හමුවෙයි

රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව ළිඳ අසල සිටියදී ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, දෙව්මි අමායා නැමැති කුඩා දැරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.