දේශීය

ඡන්දය නොතබන බවට ජනතාවට ඒත්තු ගන්වන්න විශාල මෙහෙයුමක් යනවා – මුජුබ​ර්

ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔරුවේ මොන පැත්ත පෙරලුනත් එයි​න් ගොඩ යෑම​ට බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබුර්  රහුමාන් මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, ජනාධිපතිවරණය පවත්වනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙ​න් පසුගිය දිනවල සංවාදයක් ඇතිවූ බව​ත් ජනපතිගේ සහ ඉන් අවට සිටින පුද්ගලයි​න්​ගේ ​‍හැසිරීම හේතුවෙ​න් එ​ම සැකය ඇතිවූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා,

“ජනපති කාල සීමාව සම්බන්ධයෙ​න් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. මැතිවරණය කල් දාන්න ඕන කියා විවාදයක් ඇතිකොට එහි දිගුවක් ලෙස මේ පෙත්සම අධිකරණයට ආවා. සංවිධානාත්මක අපරාධ කියන්නේ මේවට තමයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පෙත්සම ප්‍රතික්ෂේප කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනපති කාල සීමාව පැහැදිලිව කියා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා. ඡන්දය නොතබන බවට ජනතාවට ඒත්තු ගන්වන්න විශාල මෙහෙයුමක් යනවා.ජනාධිපතිතුමා බැලුවේ ඔරුව මොන අතට පෙරලුණත් ඒකෙන් ගොඩ යන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button