දේශීය
පහරදීමකින් දින 45 බිලිඳෙක් මරුට

යාපනය ප්රදේශයේ දින 45 ක් වයසැති බිලිඳෙකුට හිසට කළ පහර දීමකින් එම බිලිඳා මියගොස් ඇති බව තෙල්ලිප්පලේ පොලිසිය පවසනවා.
මියගොස් ඇත්තේ සසිරුබන් නික්ෂන් නමැති දින 45 ක බිලිඳෙක්.
මවු කිරි ලබා දීමෙන් අනතුරුව බිලිදා සිහිසුන්වූ බව පවසා මව විසින් බිලිදා අලවෙට්ටි ප්රාදේශිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුරුව වැඩි දුර ප්රතිකාර සදහා තෙල්ලිප්පලේ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී බිලිඳා මියගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ, හිසට එල්ල වූ ප්රහාරයක් හේතුවෙන් බිලිදා මියගොස් ඇති බවට මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බවයි.
ඒ අනුව මරණය සම්බන්ධයෙන් බිලිදාගේ මව තෙල්ලිප්පලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසනවා.