අමෙරිකාව චීන-ශ්‍රී ලංකා සබඳතාවලට මැදිහත් නොවිය යුතුයි

ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය චීනය සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා .
ඊයේ බීජිං නුවර පැවති චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අවධාරණය කළේ ,අමෙරිකාව චීන ශ්‍රී ලංකා සබඳතාවලට මැදිහත් නොවිය යුතු බවයි.
පසුගිය පළමුවැනිදා ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පැවසුවේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාරයක් ලබා දිය යුතු බවයි.
චීන විදේශ අමාත්‍යාංශය අමෙරිකාව සිදු කරන මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, චීන එක්සිම් බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය වන බව තහවුරු කර ඇති තිබෙන බව සඳහන් .
චීන ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව අමෙරිකාව වැඩි අවධානයක් යොමු කරනවා වෙනුවට මේ අවස්ථාවේ කළ යුතු වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපකාර කිරීමට උනන්දු වීම බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අවධාරණය කරනවා.