දේශීය
කෝටි 2ක ඇපල් දෙහිවලට

පසුගිය පෙබරවාරි මාසයේ චීනයෙන් කොළඹ වරාය වෙත ගෙන්වා තිබූ ඇපල් කන්ටේනරයක් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාරදී තිබේ.
මේ දක්වා ආනයනකරුවන් විසින් ඉවත් කර ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ඇපල් කිලෝග්‍රෑම් 24,000ක් අඩංගු මෙම කන්ටේනරයේ දළ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න වන බව වරාය අධිකාරියේ අධ්යක්ෂ ප්‍රභාත් ජයන්ත මහතා පැවසීය.
මෙලෙස වරායේ රඳවා ඇති ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශවීමට ඉඩ නොතබා කිසියම් ප්‍රයෝජනවත් කාර්යයන් සඳහා යොදා ගැනීමට ද සැලසුම් කර ඇත.