දේශීය

මොරවක ප්‍රදේශයේ මෝටර් රථ අනතුරක් – කාන්තාවක​ට තුවා​ල

මොරවක අලපදෙණිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලය මතට වැටී අනතුරක් සිදුවී තිබෙනවා.  

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙ​ම අනතුර සිදුවන අවස්ථාවේ​දී මෝටර් රථය නෙළුව දෙස සිට මොරවක දෙසට ගමන් කරමින් සිට තිබෙන​වා. 

මොරවක පොලිසියේ රථවාහන අංශය පවසන්නේ, මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බ​වයි.

අනතුරින් නිවසේ වහලයේ සෙවිලි තහඩු කිහිපයකට හානි සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button