මලයි නැට්ටයි දෙකම තියෙන්නේ ජනතාව ළඟ – නාමල්

එක්සත් ජාතික පක්ෂය සෑම විටම සිදුකළේ තනි පුද්ගලයින් කේන්ද්‍ර කර ගනිමින් මැතිවරණ මෙහෙයවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු පවසන්නේ, ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කරන ලෙස මුල සිටම සඳහන් කළ බවත් එය සිදු නොකර පුද්ගලයින් අරගනිමින් ආණ්ඩුවක් සෑදීමට ගියවිට ලැබෙන ප්‍රතිඵලය මෙය බවයි.
අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, ආණ්ඩුව බෙදීම සිදුකළේ තම පක්ෂය නොව බස් නැවතුම්පලවල ජනාධිපතිවරුන් යෝජනා කළ පිරිස් විසින් ආණ්ඩුව බෙදීමට කටයුතු කළ බවයි.
නැට්ට සහ පොහොට්ටුව යන දෙකම ඇත්තේ ජනතාව ළඟ බවත් ඒ අනුව නැට්ට කාගෙගාවද පොහොට්ටුව කාගෙගාවදැයි තීරණය කළ යුත්තේ ජනතාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
” නැට්ටයි පොහොට්ටුවයි දෙකම තියෙන්නේ ජනතාව ගාව.අපි දෙන්නම ළඟ නෙවෙයි. ඉතින් ඒ හින්දා නැට්ට කාගෙගාවද පොහොට්ටුව කාගේ ගාවද කියලා ප්‍රශ්නේ තීන්දු කරන්න ඕනේ ජනතාව. ඉතින් මේ දෙකම තියෙන්නේ මේ රටේ මහජනතාව ගාව මිසක් අපි දෙන්නම ගාව නෙවෙයි.”
දිලුම් අමුණුගම මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව මාධ්‍යවේදීයෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.