දේශීය
කලාඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගැනේ

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව ගලා බසින කලාඔයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
වනාතවිල්ලුව පොලීසිය විසින් එම සිරුර සොයාගෙන තිබුණා.
පසුගියදා කලාඔයේ දියනෑමට ගොස් සිටියදී පිරිසක් සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පුද්ගලයා ඝාතනයට ලක්වන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.