දේශීය

ට්‍රක් – මෝටර් රථ අනතුරි​න් එකම පවුලේ දෙදෙනෙක් මරුට

පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරි​න් එකම පවුලේ පියා සහ පුතු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ, අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව​යි.

මෝටර් රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ පිරිසක් වන අතර, අනතුරින් මියගිය අය අතර මෝටර් රථය පැදවූ පුද්ගලයා ද වනවා.

අනතුරට මැදිවීමෙන් යතුරුපැදියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි විදුහල්පතිවරයෙකු ද සුළු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button