දේශීය
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවයි.
ඔහු මේ බව කියා සිටියේ, හෝමාගම දී මාධ්‍යට අදහස් දක්වමින්.
මේ වන විට පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් 23,00න් 6000කට පත්වීම් ලබා දී තිබෙන අතර ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාලයකදී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.