දේශීය

ජනපතිවරණ​ය අනිවාර්යෙන්​ම තියෙනවා කිය​ලා ජනාධිපති කිව්​වා – මහින්ද අමරවීර

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහ​තා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ ගැන විවිධ ප්‍රචාර ගිය ද, අයවැය ලේඛණයෙන් මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.

ඊයේ (22) පස්වරු​වේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම දැනුම්දීම සිදුකළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button