දේශීය
ජනපතිවරණය අනිවාර්යෙන්ම තියෙනවා කියලා ජනාධිපති කිව්වා – මහින්ද අමරවීර

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ ගැන විවිධ ප්‍රචාර ගිය ද, අයවැය ලේඛණයෙන් මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.
ඊයේ (22) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම දැනුම්දීම සිදුකළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.