දේශීය
සභාපති වෙන්න නිමල්ට නීතිමය අයිතියක් නෑ – තිලංග සුමතිපාල

අධිකරණය මගින් තීන්දුවක් ලබා දෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට නීතිමය අයිතියක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසනවා.
ඔහු පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකරුවන් වන්නේ ගම්බිම්වල සිටින ජනතාව බවත් ආණ්ඩුවේ සිටිමින් පක්ෂ කාර්යාලට ඉබි යතුරු දමා චණ්ඩීන් මෙන් කටයුතු කිරීම ගැන අතිශය කණගාටු වන බවයි.
තිලංග සුමතිපාල මහතා මේ බව කියා සිටියේ, පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.